Dushta Malli (දුෂ්ට මල්ලි)

බයිසිකළේ



මේ කතාවේ පුංචි කතානායකයා “සිතුමා" . සිතුමා ඇවිල්ලා පවුලේ බඩපිස්සා. තවත් විදියකට කිව්වොත් අයියගේ අක්කගෙයි හුරතලා. දැන් නම් ස්කොලේ 7 වසරේ වගේ ඇති. මේ මම සිතුමයි ගැන කියන කතාව වෙන කොට නම් 6 වසරේ වගේ වෙන්න ඇති.
                                                    සිතුම් මුළු ගමම අවධානය දිනාගත්ත චරිතයක්. ඒ ඇවිල්ලා සිතුමා නිසාම විතරක් නෙමේ.එයාගේ පරිවාර පුංචි සෙට් එකත් එක්කමයි. ඇත්තටම මේ සේට් එකේ වැඩත් ළාමක උනාට පුංචි ගතියට එහා ගිය වැඩිහිටි ගතියක් මිඩංගු වෙලා තිබ්බා. ගමේ තියෙන මඟුල් ගෙයක්, මළ ගෙයක්, දානේ ගෙයක්, පිරිතක්, පිංකමක් විතරක් නෙමේ ගමේ අවුරැද්දට තියෙන පුංචි බුරැවෝ පිටියක උනත් අනිවාර්ය චරිත සමුහයක් වුණා.
                                                     සිතුමා රං මාමයි පොඩ්ඩා.සිතුමයි යාළුවා තමයි චුට්ටා. චුට්ටා විජේපාල මාමයි කොල්ලා. කෝමත් මේ සෙට් එකටම තිබ්බේ බයිසිකල් පිස්සුව (ෆුට් සයිකල් ඈ. අපිටත් තිබ්බේ ඒ කාළේ ඔය පිස්සුවම).බයිසිකලේ රවුමක් පදින්න දෙනවා කිව්වොත් නොකරගන්න බැරි දෙයක් නැ. මුකක් හරි ගමනක් කිවොත්
“මම යන්නම්, මම යන්නම" ගත් කටටම.
                                                    ඔන්න ඔහොම ඉද්දි චුට්ටට ගෙදරින් මවුන්ටන් බයිසිකලයක් අරන් දුන්නා. ඒ මුකටවත් නෙමේයි මුගෙන් ගෙදරට තිබුණ කරච්චලෙයි, කන්නලව්වයි අහන් ඉන්න බැරිම තැන. මේක ඉතින් සිතුමට ඉවසගන්න බෑ. ඉරිසියාවට වැඩිය තිබ්බේ නෝන්ඩිය. මුකද චුට්ටා බයිසිකලයක් ගන්න කතාවක් තිබ්බේම නෑ. එත් සිතුමා හැමදාම “තව සතියකින් ගන්නවා, ලබන මාසේ ගන්නවා“ ඔහෝම කිය කිය උන්නේ.
                                                 මුට හෙන අප්සෙට්. ස්කොලේ අරිලා චුට්ටයි අලුත් බයිසිකලේම එන්න වුණා (ආව නෙමේයි, උගේ බලේටලු). ගෙදර ආව විතරයි සිතුමා පෙරලි පෙරලි අඩනවා. හවස් වෙලා තාත්තා එද්දිත් මු ඇඩිල්ලේ ඉවරයක් නෑ. තාත්තට සීන්කොන් එක අම්මා කිවා.
      “බුරැවෝ... අපි ජිවත් වෙන්න ඔන අපිට තියෙන හැටියට. අහස අල්ලන්න අපිට බෑ. උඹ ඔය ඇඩිල්ල නවත්තපන් , නැත්නම් පේර කෝට්ට ගන්න ද...? "
                                            සිතුමා ගානට සයිලන්ට් උනා. මොකද තාත්තයි හැටි සිතුමා දන්නවනේ. ඊට පස්සේ සිතුමා අක්කගෙයි අයියගෙයි බයිට් එක.
              “ පවු නේහ් අපේ පොඩි මල්ලි. ඒ ලොකු මල්ලි අපි දෙන්නවත් බයිසිකලයක් අරන් දෙමු ද..? පල්ලෙහා ගෙදර කවිෂාත් එක්ක ස්කොලේ යන්නත් පුළුවන්නේ.(කවිෂා කිව්වේ සිතුමයි පංතියේ යෙහලියක්). "
               “ ඉඳහල්ලා.., මම බොලාට හොයාගන්න බැරි තැනක යනවා. හිටහල්ලා. "
         හිනාවෙවි අක්කයි අයියයි මලයව චා කරනවා.මේක ඊළඟ දවසෙත් නැවතුනේ නැ. ඇඩිල්ලේ ඉවරයක් නැ. සෙනසුරාදට වෙනදා උදේම රස්තියාදුවට යන එකා අද ගෙදර ඉඳන් නාහෙන් ඇඩිල්ල. මුගේ දුක අහන්න ඉන්නේ ඉතින් අම්මා විතරයි. ඉතින් සිතුමා අම්මට වලිය දාගෙන කියවනවා.
           “ තාත්තා ඉස්සර ඉඳලම නෑ නෑ. කඩේට, හේනට තේ ගෙනියන්න ඔන උනාම අර වැඩේ ඉවර උනාම අරන් දෙන්නම්, අර ණය ගත්ත ගමන්ම එකටම උඹේ බයික්කේ අරං දෙන්නම්. අන්තිමට ගමේ උන් ඔක්කොම අරං. මට විතරයි නැත්තේ."
          “ඉතින් පොඩි පුතේ...තාත්තට සල්ලි නැති නිසානේ අරං දෙන්න විදියක් නැත්තේ. නැත්නම් විජේපාල මාම වගේ අරං දෙන්න තිබ්බා. "
         
          “ ඔව් ඔව් අපේ තාත්ට නෑ. හැමදාම නෑ. අර විජේපාල මාමා වෙරළු අහුලලා විකුණලා චුට්ටට බයිසිකලයක් අරං දුන්නේ. අපේ තාත්තට ගල් පෙරළලත් මට බයිසිකලයක් අරං දෙන්න බෑ "
                            
                              ඇත්තටම සිතුමයි තාත්තා  ගල් වැටි බඳලා කුළි සල්ලියෙන් එදාවේල හරි හම්බ කරගනේ. චුට්ටයි තාත්තා ගමේ තියෙන පළතුරැ පොළට ගෙනිහින් විකුණලා සිය ජිවිකාව ගැටගහගන්න එක කරන්නේ.ඉතින් මේ දෙගොල්ලගේම ආර්ථික තත්ත්වය එතරම්ම සරැසාර නෑ. පවුල් දෙකෙම පොඩි උන්ට බයිසිකලයක් අරං නොදුනනත් එකේ අසාධාරනයක් නොපෙණෙන තරම්.
                              මම මේ දවස් වල ක්ලාසුත් නැති නිසා ෆන් එකේ කොල්ලෝ සෙට් වෙලා ඉද්දි සිතුමා පාරේ යද්දි අපේ උන් මෙම් කතාව මට කිවේ. මෙච්චරම දිර්ඝ විස්තර සහිතව කිවේ නෑ. එත් මේක ඇහුවම මගේ හිතට මාර හැඟිමක් ආවා. කවුරැවත් හිනස්සවන්න වත් සතුටු කරන්නවත් මම මේකේ බ්ලොග් එකේ ලියන්න අදහස් කරේ නෑ. එත් මට යමක් දැනුන නිසා මේක පාළුවට තියෙන් නිසා දමලා දැම්මා.

පුංචි මනස කොතරම් සුන්දර ද...? අපේ පුංචි අවධියේ උනත්...!


දුෂ්ට මල්ලියා. :D

                                                 
                                                             


සීයායි මමයි


මොන්ටිසොරි ඉවර උනා විතරයි ඩොංක ගහ පාරෙන් පැනලා මීටර් සියක් විතර පල්ලම මම බූම් කරත්තෙන් එන්නේ කගවේනා වගේ.මට තාමත් මතකයි.අනික් හැම කෙනාගේම වගේ අම්මලා තාත්තලා අයියලා එක්කගෙන යන්න එද්දි මමයි බණ්ඩයි විතරක් තනියම “බුම්“ කියාගෙන ගෙදරටම දුවනවා.මම ගෙදර දුවන්නෙත් නෑ.මුකද ගෙදර කවුරැවකුත් නැනේ.මට අම්මා කියලා තීන්නේ පල්ලෙහා ගෙදරින් ඉන්න කියලා.ඒ ගෙදර කට්ටියත් හැමදාම දළු කඩන්න යන නිසා මම කොහේ හරි යනවා.සමහරවිටක කඩේ ගාව ෆුට් සයිකලේ තියෙන නංගිට බයිසිකලේ පදින්න තල්ලු දානවා(මට 3 වසරට යනකම් ෆුට් සයිකල් පදින්න බෑනේහ්.රොදේ තුනේ එක නම් සුපිරියට පුළුවන්).බණ්ඩා නම් ගෙදර ගිහින් ආපහු ආවොත් මම වගේ තල්ලු දාන්න සෙට් වෙලා ඌත් පදිනවා.

                                              එහෙමත් නැති හුගක් දවසට මම යනවා සීයා ගාවට.අපේ සීයා ජොතිය්‍යශය සම්බන්ද දෙවල් කරේ(වැඩිපුරම කේන්දර බැලුවා).ඒත් ටිකක් නහර කාරයා.අපේ තාත්තා අම්මව මැරි කරාට ෆුල් තරහයි.මෙලෝ දෙයක් නෑ තාත්තට බුදලේ කීලා.ඒ මුක උනත් තාත්තත් සීයා එක්කලා තරහා නෑ අම්මත් නෑ.....මමත් නෑ.ඒත් වැඩිය ඇයි හොදයියක් නෑ.කොම උනත් මම දූවලා බුම් කරත්තෙන් ඇවිත් සීයයි දොර ගාවම නවතිනවා.එතකොටම සීයත් කියනවා...

                                       “ඔන්න ඔය අටමගලේ පැත්තකින් පාක් කරලා මෙන්න මේ කෑවිලි ටික කාලා ඉතුරැ උනොත් ගෙදරටත් ගෙනියපන්“ කියලා.මම ඉතින් ටිකක් කාළා හවස් වෙනක්ම එතනට වෙලා තමයි ඉන්නේ.සීයා නිතරම ෆවුන්ඩේෂන් වලට පාද තියන්න යන නිසා අනිවා කෑවිලි පාර්සලයක් සුවර්.ඉතින් ඒවට වගකියන්න ලැජ්ජාවක් බයක් නැති මුණුබුරෙක් ඉන්නේ මම නේහ්.පස්සේ කොම උනත් සීයත් සීයා අපේ ගෙදර  තියෙන සම්බන්දේ වැඩි වුණා..ඒකට හේතුව මම කියලා ලොකු නැන්දත් කිව්වා.අපිටම කියලා පුංචි හේන් කෑල්ලකුත් ලියලා දුන්නා පස්සේ.

Read more »

අලුත් ගමනක්..!

  


ඔයාලගේ ආදරණිය දුෂ්ට මල්ලි හෙට ජිවිතේ අලුත් ගමනක් පටන් ගන්නවා.හුගක් දේවල් ගැන හීන මවා මවා ඉදලා එවා ඇසි ඉදිරිපිටම බොද වෙද්දි ඒවා ගණන් නොගෙන අලුත්ම පියවරකට පියමන් කරනවා. ඒක ඇරඹුමක් විතරයි. අවසානයක් තවමත් මම දැක්කේ නෑ. කොහොම උනත් මේක මගේ ජිවිතේ හැරවුම් ලක්ෂයක් වෙනවා කියලා හොදටම සුවර්..(කවුරැවත් හිතන්න එපා මු කසාදයක් ආවහයක් විවාහයක් කරගන්න යනවා කියලා..මම තවම පුංචි එකා ඈ )

Read more »

බ්ලෝග් එකේ පළ‍වෙනිම පෝස්ට් එක......!

    
අද තමයි බ්ලොග් එක හැදුවේ. විනාඩි 5යි වැඩේට ගියේ.හිතුවටත් වැඩිය හොදට වැඩේ කෙරැණා.අමුතුවෙන් කියලා පෝස්ට් දමන්න මම දන්නේ නෑ.

Back to Top