සීයායි මමයි
Dushta Malli
Tuesday, October 30, 2012
මොන්ටිසොරි ඉවර උනා විතරයි ඩොංක ගහ පාරෙන් පැනලා මීටර් සියක් විතර පල්ලම මම බූම් කරත්තෙන් එන්නේ කගවේනා වගේ.මට තාමත් මතකයි.අනික් හැම කෙනාගේම වගේ අම්මලා තාත්තලා අයියලා එක්කගෙන යන්න එද්දි මමයි බණ්ඩයි විතරක් තනියම “බුම්“ කියාගෙන ගෙදරටම දුවනවා.මම ගෙදර දුවන්නෙත් නෑ.මුකද ගෙදර කවුරැවකුත් නැනේ.මට අම්මා කියලා තීන්නේ පල්ලෙහා ගෙදරින් ඉන්න කියලා.ඒ ගෙදර කට්ටියත් හැමදාම දළු කඩන්න යන නිසා මම කොහේ හරි යනවා.සමහරවිටක කඩේ ගාව ෆුට් සයිකලේ තියෙන නංගිට බයිසිකලේ පදින්න තල්ලු දානවා(මට 3 වසරට යනකම් ෆුට් සයිකල් පදින්න බෑනේහ්.රොදේ තුනේ එක නම් සුපිරියට පුළුවන්).බණ්ඩා නම් ගෙදර ගිහින් ආපහු ආවොත් මම වගේ තල්ලු දාන්න සෙට් වෙලා ඌත් පදිනවා.
එහෙමත් නැති හුගක් දවසට මම යනවා සීයා ගාවට.අපේ සීයා ජොතිය්‍යශය සම්බන්ද දෙවල් කරේ(වැඩිපුරම කේන්දර බැලුවා).ඒත් ටිකක් නහර කාරයා.අපේ තාත්තා අම්මව මැරි කරාට ෆුල් තරහයි.මෙලෝ දෙයක් නෑ තාත්තට බුදලේ කීලා.ඒ මුක උනත් තාත්තත් සීයා එක්කලා තරහා නෑ අම්මත් නෑ.....මමත් නෑ.ඒත් වැඩිය ඇයි හොදයියක් නෑ.කොම උනත් මම දූවලා බුම් කරත්තෙන් ඇවිත් සීයයි දොර ගාවම නවතිනවා.එතකොටම සීයත් කියනවා...
“ඔන්න ඔය අටමගලේ පැත්තකින් පාක් කරලා මෙන්න මේ කෑවිලි ටික කාලා ඉතුරැ උනොත් ගෙදරටත් ගෙනියපන්“ කියලා.මම ඉතින් ටිකක් කාළා හවස් වෙනක්ම එතනට වෙලා තමයි ඉන්නේ.සීයා නිතරම ෆවුන්ඩේෂන් වලට පාද තියන්න යන නිසා අනිවා කෑවිලි පාර්සලයක් සුවර්.ඉතින් ඒවට වගකියන්න ලැජ්ජාවක් බයක් නැති මුණුබුරෙක් ඉන්නේ මම නේහ්.පස්සේ කොම උනත් සීයත් සීයා අපේ ගෙදර තියෙන සම්බන්දේ වැඩි වුණා..ඒකට හේතුව මම කියලා ලොකු නැන්දත් කිව්වා.අපිටම කියලා පුංචි හේන් කෑල්ලකුත් ලියලා දුන්නා පස්සේ.
කෝම උනත් ඒක කියන්න නේමේ මම මේ සෙද්ද ලියන්නෙත්.ටික කාළයක් යද්දි සීයාගේ වැඩ වලට ලෙසියට වෙනම කාමරයක් ගත්තා.කළින් උන්නේ මහ ගෙදර.අපි හිටියේ හේනේ ගෙදර.සීයට ඒ කාමරේට හැමදාම උදේටයි දවල්ටයි කන්න ගෙනියන්නේ මම.ඒ කාළේ උදේ 6.30 වෙන කොට මම සීයගේ දොර ඉස්සරහ.ඒ දවස් වල මම සිකුරදා සෙනසුරාදා ඉන්නේ සීයත් එක්කලා වැඩිපුරම.එක දවසක් මම සෙනසුරාදා උදේ සීයගේ කාමරේට ගිහින් තට්ටු කරා. නෑ කිසිම ප්‍රතිචාරයක්.සිකුරාදා රෑ මම වෙනදා වගේ නැවතුනෙත් නෑ.කොමහරි මම දොර ඇරියා උන්නා විතරයි පුංචි නිසා හිතාගන්න තෙරැමක් තිබ්බේ නෑ.මම සීයේ සීයේ කතා කරලා ආපහු තාත්තට දුවලා ගිහින් සිද්දිය කිව්වා.සීයට හොදට පේෂර් තිබ්බා.දවසකුතු පේෂර් වැඩිවෙලා මම තමයි බාප්පට කියලා බෙහෙත් ගෙනාවේ.ඒත් එදා මම හුගක් පරක්කුයි.ඒ පරක්කුව ආපහු ජිවිතයකට පණ ගන්න තරමේ පරක්කුවක් උනා.මළ ගෙදරකදි මගේ ජිවිතේ අද තාක් වෙන්න ඇඩුවනම් ඒ මගේ සීයගේ මළගෙදරදි විතරමයි.ඉස්සරහට මගේ අම්මා තාත්තගේ එකකදිවත් මම එහෙම කදුළු හළන එකක් නෑ.ඉස්සර මට ලස්සන බැග් එකක් නෑ කිව්වම....කැඩුණු බැග් එක මහලයි ස්කොලේ යන්නේ කිව්වම සීයා මට බනින්නේ
“බොලයි මහ උන්ගෙන් ඉල්ල ගනින්.උන් හම්බකරනවනේ.ඔවා මට කීයලා වැඩක් නැහ්“ එහෙම කියලා එදාම හවසට අපේ ගෙදර පැත්තේ එන්නේ සතියකට කන්න බඩු මුට්ටුයි මට ස්කොලේ යන්න ලස්සන බෑග් එකකුයි අරගෙන.ඒවා මතක් වෙද්දි ඇස් ඇතුලේ කකියන කදුළු බිංදු එළියට එන්නමයි හදන්නේ.ඒත් මම එවා එළියට දාන්නේ නැත්තේ දුකත් ඒ විදියටම හේදිලා ගියොත් මගේ මතකයනුත් නැතිවෙයි කියලා බයට...!
Back to Top
Leave reply